වැදගත් සිදුවීම්
අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව 2026 - ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී ආරම්භවෙයි
අසමමිතික යුද උපක්‍රම පාඨමාලාව - 2026 (ASYMMETRIC WARFARE COURSE-2026) ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2026 මැයි මස 04 වන දින ආරම්භ කරන ලදි. පාඨමාලාවේ සමාරම්භක උත්සවය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන අණදෙන නිලධාරී කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩිගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
05 May 2026
ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන ධාරිතාව පුළුල් කෙරේ
ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා මෙහෙයුම් මැදිරියක්, ප්‍රධාන සංඥා කාර්යාලයක් සහ දුරකථන හා දත්ත හුවමාරු මධ්‍යස්ථානයක් ඇතුළුව ඉදිකරන ලද නව ගොඩනැගිල්ල 2026 මැයි මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.
05 May 2026
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2026 මැයි මස 01 සිට 03 දින දක්වා උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කෙරිණි.
05 May 2026


