වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 05 වැනි දින පුත්තලම පෙරියපාඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහඅටක (618) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 May 2026
දිවයිනට පැමිණි ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව දිවයිනෙන් පිටත්වෙයි
මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 04 වැනි දින ඉන්දිය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය දිවයිනට පැමිණි අතර, අද දින (2026 මැයි 06) එම සබ්මැරීනය දිවයිනෙන් පිටත් විය. ‘INS SINDHUKESARI’ සබ්මැරීනය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
06 May 2026


