ශ්රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සන්නිවේදන ශිල්පීය කුසලතා නව මානයක් කරා ඔසවා තැබීමේ අරමුණින්, බාහිර සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද විශේෂ පුහුණු වැඩමුළුවක් දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්රධානත්වයෙන් 2026 මැයි මස 02 වන දින දකුණු නාවික විධානයේදී සාර්ථකව පැවැත්විණි.