වැදගත් සිදුවීම්

නාවික හමුදා සැපයුම් ක්‍රියාවලියේ නව විභවයන්හී ධාරිතා වර්ධනය කරමින් ‘සැපයුම් ‍සමුළුව - 2026’ සාර්ථකව නිමාවට පත්විය

දීර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලා අංක 10 විසින් සංවිධානය කරන ලද 08 වැනි “සැපයුම් සමුළුව - 2026”, “සමෘද්ධිමත් ජාතියක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ 2026 මැයි 23 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. “තිරසාර සැපයුම් කළමනාකරණය 2030; ඩිජිටල්කරණය, පාරිසරික තිරසාරභාවය සහ විනිවිදභාවයෙන් යුත් සැපයුම් දාම පාලනය හරහා ශ්‍රී ලංකාවේ සැපයුම් විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යාම” යන මැයෙන් පැවති මෙම සමුළුවේදී, නූතන සැපයුම් කළමනාකරණ ක්ෂේත්‍රයේ අභියෝග, නව ප්‍රවණතා සහ තිරසාර සංවර්ධන අවස්ථා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.

25 May 2026