වැදගත් සිදුවීම්
දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 මැයි මස 28 වැනි දින කටයුතු කෙරිණි.
29 May 2026
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමගාමීව උතුරු වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් නාවික හමුදා දායකත්වයෙන් සාර්ථකව පැවැත්වෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ශණීය සංචාරක ගමනාන්තයක්” ජාතික ව්‍යාපෘතියට සමගාමීව, උතුරු ප්‍රදේශය ආශ්රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහනක්, 2026 මැයි මස 23 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රීය දායකත්වයෙන් සාර්ථකව පැවැත්විනි.
29 May 2026


