වැදගත් සිදුවීම්

නාවික හමුදාව බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍04ක් ස්ථාපිත කරයි

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගනය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය සහ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ අඹන්පොල, ගල්ගමුව හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) 2025 දෙසැම්බර් මස 29 සහ 30 දින ජනතා අයිතියට පත් කෙරිණි.

02 Jan 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී 2026 නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, උදා වූ 2026 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම, අද දින (2026 ජනවාරි 01) රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව සිදුකෙරුණු අතර, ඊට සමගාමීව නාවික හමුදාවේ සියළුම නාවික විධානයන්ට අයත් නෞකා සහ ආයතන තුල රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.

01 Jan 2026