වැදගත් සිදුවීම්

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව සුහද සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 පෙබරවාරි මස 16 වැනි දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2025 පෙබරවාරි 17) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

17 Feb 2025

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සිරස ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහනේ අනුග්‍රහය ය‍ටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පරසන්ගස්වැව නිග්‍රෝධාරාම විහාරයේ ස්ථාපනය කෙරුණු 1080 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අද (2025 පෙබරවාරි 16) සිදු කෙරිණි.

16 Feb 2025

“පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතිය යටතේ වෙරළ සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 පෙබරවාරි මස 15 වැනි දින සහ අද (2025 පෙබරවාරි 16) බස්නාහිර, ගිණිකොන සහ නැගෙනහිර යන පළාත් තුළ ආරම්භ කෙරුණු වෙරළ පිරිසිදු කිරීම සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීම යන වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය ලබාදීම සිදු කෙරිණි.

16 Feb 2025

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

16 Feb 2025

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ශක්තිමත් ජල ශාස්ත්‍රිය සහයෝගීතාවක් සදහා ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබන ලදි. අද (පෙබ 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම අත්සන් තබන ලද අතර, මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය විද්‍යා ක්ෂේත්‍රයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම තුළින් දැනුම හුවමාරු කිරීම, ධාරිතා වර්ධනය, තාක්‍ෂණික සහයෝගීතාව සහ ආදායම් උත්පාදනය ඇතුළු ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.

14 Feb 2025

එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී රියර් අද්මිරාල් Angus Essenhigh නිල හමුවක් සඳහා අද (2025 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති කාන්චන බානගොඩ හමුවිය.

14 Feb 2025

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා අද (2025 පෙබරවාරි 13) වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

13 Feb 2025

අලුත්වැඩියා කළ 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් නාවික හමුදාව මඟින් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ වෙත ලබාදෙයි

වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කරන ලද 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කර වෙඩි තැබීමේ ක්‍රිඩා සමාජ අතර බෙදාදීම 2025 පෙබරවාරි මස 08 වැනි දින පානළුව වෙඩි පිටියේදී සිදු කෙරිණි.

13 Feb 2025

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 367 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 256 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය දහනවයක් (219) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසීය හතලිස් අටදෙනෙකු (148) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැට හත් දෙනෙකු (367) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර 2025 පෙබරවාරි මස 11 වැනි දින ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.

12 Feb 2025

නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 11 වැනි දින අධිකරණ අමාත්‍යංශයේදී, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා හමු විය.

11 Feb 2025