වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ උතුරු ධීවර ප්‍රජාව පෙරමුණ ගනී

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව උතුරු පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ හා උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2026 මාර්තු මස 10 වැනි දින උත්තර ආයතනයේදී පැවැත්විණි.

14 Mar 2026

වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකුට ප්‍රතිකාර ලබා දීමට නාවික හමුදා සහය

අම්පාර පානම ප්‍රදේශ‍යේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතන පරිශ්‍රයට අයත් භූමි ප්‍රදේශයේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම සඳහා වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදා සහය ලබා දීම, 2026 මාර්තු මස 10 වැනි දින සිදු කෙරිණි.

14 Mar 2026

යාත්‍රා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සහ විශේෂිත උපකරණ පරිහරණය කිරීම පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ කාර්යාලය මඟින් (United Nations Office on Drugs and Crime - UNODC). ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සහ විශේෂිත උපකරණ පරිහරණය පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රධානය, 2026 මාර්තු මස 06 වැනි දින විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදුකෙරිණි.

11 Mar 2026

‘ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් කොළඹ නාවික මහ රෝහලේදී අක්ෂි සායනයක්

මාර්තු මස 12 වැනි දිනට යෙදී ඇති ‘ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් කොළඹ නාවික මහ රෝහලේදී, ග්ලුකෝමා සායනයක් 2026 මාර්තු මස 03 වැනි දින පැවැත්විණි.

11 Mar 2026

නාවික හමුදාවේ කැපවීම තහවුරු කරමින් යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2026 මාර්තු මස 04 සිට 07 දක්වා ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන් පැවති ප්‍රධාන දේව මෙහෙයෙන් අනතුරුව, එම දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වූ අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

09 Mar 2026

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2026 කොළඹ ගාලු මුවදොරදී සාර්ථකව පවත්වයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (International Military Sports Council) දින සැමරුම් මාර්ග ධාවනය - 2026, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ ප්‍රධානත්වයෙන් අද (2026 මාර්තු 07) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත මාර්ගයේදි සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

07 Mar 2026

ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් යුද නෞකාවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවික හමුදා සහයෙන් ගොඩබිමට රැගෙන එයි

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට 2026 මාර්තු මස 06 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

07 Mar 2026

මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි

2026 මාර්තු මස 02 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව 2026 මාර්තු මස 04 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

06 Mar 2026

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව නාවික හමුදාව මඟින් ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 02 වැනි දින එම රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

06 Mar 2026

මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව දිවයිනට පැමිණෙයි

මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා 2026 මාර්තු මස 02 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

03 Mar 2026