වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මාර්තු මස 30 සහ 31 දෙදින දකුණු නාවික විධානයේ නිල සංචාරයක් සිදුකර දකුණු නාවික විධානයේ මෙහෙයුම් සූදානම නිරීක්‍ෂණය කරන ලද අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්‍රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, දකුණු නාවික විධානයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

01 Apr 2023