වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ නිල සංචාරයක නිරත වෙමින්, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ සහ නැගෙනහිර විධානයට අනුයුක්ත නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අමතා, දියත් විධානයේ සහ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ මෙහෙයුම්, පුහුණු කටයුතු සහ නාවිකයන්ගේ සුභසාධන කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම, 2025 මැයි මස 31 වැනි දින නැගෙනහිර විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

02 Jun 2025

09 වැනි දීර්ඝ සැපයුම් කළමණාකරන පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී

දිර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලා අංක 09 හී සහතික ප්‍රදානෝත්සවය 2025 ජුනි මස 01 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.

01 Jun 2025

07 වැනි වරටත් සංවිධානය කෙරුණු ‘සැපයුම් ‍සමුළුව - 2025’ සැපයුම් ක්‍රියාවලියේ නව විභවයන්හී ධාරිතා වර්ධනය කරමින් සාර්ථකව නිමාවට පත්විය

දිර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලා අංක 09 විසින් සංවිධානය කරන ලද 07 වැනි ‘සැපයුම් සමුළුව - 2025’, ‘Leveraging Adaptive Logistics in Building Resilient Supply Chains in a Volatile Global Economy’ යන තේමාව යටතේ 2025 මැයි මස 31 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.

01 Jun 2025

නාවික හමුදාවේ දායකත්වයෙන් පරිසර හිතකාමී වැඩසටහනක්

2025 වර්ෂයේ ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමීව, නාවික හමුදාව විසින් සංවිධානය කෙරුණු පරිසර හිතකාමී වැඩසටහන් යටතේ සිදුකෙරුණු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක්, 2025 මැයි මස 29 වැනි දින ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්විණි.

01 Jun 2025

නාවික හමුදා වාදක කණ්ඩායම වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ නාවික පුද්ගලයින් අභිප්‍රේරණය කිරීම, නායකත්ව සංවර්ධනය සහ කණ්ඩායම් ගොඩනැගීම වෙනුවෙන් වූ පුහුණු වැඩමුළුවක්, නාවික හමුදා සංගීත අධ්‍යක්‍ෂකගේ අධීක්‍ෂණය යටතේ, 2025 මැයි මස 27 සහ 28 දෙදින, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

01 Jun 2025