වැදගත් සිදුවීම්
ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ජුනි මස 27 වැනි දින ත්‍රීකුණාමලය මූතූර් ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
02 Jul 2025
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් ඇලන් හවුස් (Lieutenant Colonel Matthew Alan House) අද (2025 ජුනි 30) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
01 Jul 2025