වැදගත් සිදුවීම්
නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2025 සැප්තැම්බර් මස 18 වැනි දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
21 Sep 2025
ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Matthew House, ඇතුළු එම තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක්, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ පිහිටි පුහුණු පාසලේහි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.
21 Sep 2025
EX – HIGHLANDER මැරීන් අභ්‍යාසය නුවරඑළිය බෝපත්තලාවේදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කරන ලද කඳු ආශ්‍රිත විඳදරා ගැනීමේ Ex – Highlander අභ්‍යාසය, 2025 සැප්තැම්බර් මස 12 සිට 14 දක්වා නුවරඑළිය බෝපත්තලාව ප්‍රදේශයේ හරිත කන්ද ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි.
20 Sep 2025
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA ’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 සැප්තැම්බර් 20) උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.
20 Sep 2025
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල 2025 අගෝස්තු මස 28 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2025 සැප්තැම්බර් මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල වෙත නිල වශයෙන් ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
19 Sep 2025
නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති ‘Junior Officer’s Conclave – 2025’ වැඩසටහන සාර්ථකව නිමාවට පත්වෙයි

නැව්පති සහ නාවික හමුදා දියත් විධානයේ කණිෂ්ඨ නිලධාරීන් අතර සිදුකෙරුණු විශේෂ සාකච්ඡාමය වැඩසටහන ‘Junior Officer’s Conclave – 2025’, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 14 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
19 Sep 2025
නව භාෂා පරිගණක විද්‍යාගාරයක් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විවෘත වෙයි

පුහුණු වන නිලධාරින් සහ නාවිකයින්ගේ භාෂා කුසලතාවය හා ඩිජිටල් සාක්‍ෂරතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පුර්ණ ආධාරයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශීල්පීය දායකත්වයෙන් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදිකල නව භාෂා පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Matthew House ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
17 Sep 2025
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව ඇළහැර මහසෙන් ජාතික පාසලේ සහ මොණරාගල සියඹලාණ්ඩුව දනකිරිය ප්‍රාථමික පාසලේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන ජනතා අයිතියට පත්කිරීම 2025 සැප්තැම්බර් 13 සහ 15 දින එම විදුහල් පරිශ්‍රයන්හීදි සිදුකෙරිණි.
17 Sep 2025
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර 2025 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භය, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන්, වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
16 Sep 2025
“ශිල්පීන්ගේ දිනය”නාවික හමුදා මුලස්ථානයේදී සැමරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීය අංශයේ නාවිකයින්ගේ වෘත්තීය නිපුණතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රථම වරට සංවිධානය කළ “ශිල්පීන්ගේ දිනය” (Artificers’ Day) වැඩසටහන 2025 සැප්තැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මුලස්ථානයේ, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
16 Sep 2025