වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව සමාජ, සදාචාරාත්මක සහ පාරිසරික මුල පිරීම් ආවරණය වන පරිදි, නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල් තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, ඒ යටතේ “Sailing Strong Together” යන තේමාව පෙරදැරිව පවත්වනු ලබන “ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025” පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 24 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
25 Nov 2025
දිවිපිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පොපි මලක් පැළඳවීම 2025 නොවැම්බර් මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
25 Nov 2025
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 නොවැම්බර් 18 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2025 නොවැම්බර් මස 21 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
21 Nov 2025
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ‘PNS SAIF’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 නොවැම්බර් මස 18 වැනි දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ යුද නෞකාව, අද (2025 නොවැම්බර් 19) උදෑසන දිවයිනෙන් පිටත් වූ අතර, එම නෞකාව වෙත ශ්‍රිලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි
19 Nov 2025
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා (2025 නොවැම්බර් 18) වන දින උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
19 Nov 2025
දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සඳහා නාවික හමුදාව දායක වෙයි
මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම වෙනුවෙන් සිහිකිරීමේ උත්සවය 2025 නොවැම්බර් 16 වන දින කොළඹ විහාර මහ දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අභියසදි, අග්‍රාමාත්‍ය ගරු හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය. ඊට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය නාවික හමුදා මූලස්ථානයේදී සහ සියළුම නාවික විධානයන්හීදීත් අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
18 Nov 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් විශේෂ දියවැඩියා සායනයක් පවත්වයි
2025 ලෝක දියවැඩියා දිනයට සමඟාමීව කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී 2025 නොවැම්බර් මස 14 වැනි දින විශේෂ දියවැඩියා සායනයක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
17 Nov 2025
හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විතයේදී මව්බිම වෙනුවෙන් දිවිපිදු වීරෝදාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර
ශ්‍රි ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වෙනි සංවත්සරයට සමඟාමීව, ශ්‍රි ලංකා නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී, ජීවිත පිරිත්‍යාගයෙන් කටයුතු කල වීරෝදාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, එම වීරෝදාර රණවිරුවන්ගේ දෙමව්පියන් ඇතුළු රණවිරු පවුල් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 14 වැනි දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
17 Nov 2025
මානුෂිය ආධාර සහ ආපදා සහන පුහුණු සැසිය - 2025 නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
පුත්තලම ඟගේවාඩිය පිහිටි නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මූලස්ථානයේ, ආපදා කළමණාකරන පුහුණු පාසලේදි පැවැත්වූ තෙදින (03) මානුෂීය ආධාර සහ ආපදා සහන පුහුණු සැසිය, 2025 නොවැම්බර් මස 14 වැනි දින පැවති එකාබද්ධ ප්‍රායෝගික අභ්‍යාසයන්ගෙන් අනතුරුව, සාර්ථකව නිමාවට පත් විය.
15 Nov 2025
සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීමට හා නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට ශක්තිමත් ඒකාබද්ධ වැඩසටහනක් සඳහා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ වයඹ පලාතේ ධිවර ප්‍රජාව එක්වෙයි
තිරසාර ධීවර කර්මාන්තය සහ සමුද්‍රීය පරිසරයේ ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරිම වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් සඳහා; වයඹ පළාතේ ප්‍රදේශීය ලේකම් කාර්යාල, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා පොලීසිය, රේගු දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ වයඹ පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විෂය ප්‍රාමාණික අදහස්, යෝජනා සහ සැලසුම් පිළිබඳ සැසියක්, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන්, 2025 නොවැම්බර් මස 11 වැනි දින පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේදී පැවැත්විණි.
15 Nov 2025


