වැදගත් සිදුවීම්

ගංවතුරෙන් ආපදාවට පත් ජල පවිත්‍රාගාරයන්ගේ දිය ය‍ට නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ ඌව පළාත් ජලසම්පාදන මණ්ඩලයට අයත් මහියංගනය ජල පවිත්‍රාගාරයේ සහ මධ්‍යම පළාත් ජල සම්පාදන මණ්ඩලයට අයත් පේරාදෙණිය ගැටඹේ ජල පවිත්‍රාගාරයේ ගංවතුරෙන් ආපදාවට පත්ව අක්‍රීය වී ඇති ජල පොම්ප අළුත්වැඩියාව සහ නඩත්තු කටයුතු වෙනුවෙන්, කිමිදුම් සහය ලබා දීම නාවික හමුදාව විසින් සිදුකෙරිණි.

03 Dec 2025

දිවයිනට පැමිණි පාකිස්තානු නාවික හමුදාවේ PNS SAIF යුද නෞකා වෙතින් අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර

පසුගියදා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් දිවයිනට පැමිණි පකිස්තානු නාවික හමුදාවේ PNS SAIF යුද නෞකාව වෙතින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර තොගයක් ලබා දීම 2025 නොවැම්බර් මස 28 වැනි දින සිදුකෙරිණි.

03 Dec 2025

දිවයිනට පැමිණි ඉන්දීය යුද නෞකා වෙතින් අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර

පසුගියදා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT හා INS UDAYGIRI යුද නෞකා වෙතින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර තොගයක් ලබා දීම 2025 නොවැම්බර් මස 28 වැනි දින සිදුකෙරිණි.

03 Dec 2025

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීමට නාවික හමුදා සහය

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ ජල සැපයුම් පද්ධති, විදුලි පද්ධති හා මාර්ග යතා තත්වයට පත්කිරීම, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම සඳහා අද දිනයේද (2025 දෙසැම්බර් 02) නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.

02 Dec 2025

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සහ පිසූ ආහාර ලබා දීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් අරඹයි

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සහ පිසූ ආහාර ලබා දීම සඳහා නාවික හමුදා විශේෂ ජංගම මුළුතැන්ගෙය සහිත රථ මෙහෙයුම් සඳහා කොළඹ, අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කය වෙතත්, ජංගම ප්‍රති ආශෘත ජල පිරිපහදු පද්ධතිය සහිත රථය මෙහෙයුම් සඳහා මහනුවර ප්‍රදේශයේත් ස්ථාන ගත කිරීම අද (2025 දෙසැම්බර් 02) සිදුකෙරිණි.

02 Dec 2025

මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී, මේජර් ජෙනරාල් Ibrahim Hilmy (Chief of Defence Force of Maldives National Defence Force -MNDF), 2025 දෙසැම්බර් මස 01 දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය.

02 Dec 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක 2025 නොවැම්බර් මස 29 වැනි දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

01 Dec 2025