වැදගත් සිදුවීම්

අතිගරු ජනාධිපතිතුමන් “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක
 

අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන වික්‍රමාදිත්‍ය නෞකාවේ ජනවාරි මස 23 වන දින සංචාරයක නිරත විය.

24 Jan 2016

ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් අද (23) දින නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යා‍ලයේදී පවත්වන ලදී.

23 Jan 2016

රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය 21 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නෞකාවන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වශයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාමසාධක සෙබළුන් සිහිකිරිම සඳහා ඉදිකර ඇති විශේෂ ස්මාරකය වෙත අද (23) උදෑසන පුෂ්පෝපහාර දක්වන ලදී.

23 Jan 2016

ඉන්දීය නැව් මුළුව වෙනුවෙන් නාවික හමුදාවෙන් සංස්කෘතික සංදර්ශණයක්
 

වික්‍රමාදිත්‍ය නෞකාවේ හා මයිසූර් නෞකාවේ නැව් මුළුව වෙනුවෙන් ජනවාරි මස 21 සහ 22 යන දිනයන්හි නාවික හමුදා මූලස්ථානයේ දී වර්ණවත් සංස්කෘතික සංදර්ශණයන් පැවැත්විණි.

23 Jan 2016

සුහද සංචාරයක් සඳහා පැමිණි “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

උණුසුම් ආගන්තුක සත්කාරය ප්‍රදර්ශණය කරමින්, “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් ජනවාරි 22 වන දින සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.

23 Jan 2016

224 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 385 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 224 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 385 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2016 ජනවාරි මස 22 වන දින විසිර යන ලදී.

23 Jan 2016

“වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් හා ඉහළ පෙල ආරක්ෂක නියෝජිතයින් නෞකාවේ දී සාදරයෙන් පිළිගැනෙති

කොළඹ වරායට පළමු වරට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් පිරිසක් හා ඉහළ පෙළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් නෞකාවේ දී අද (21) දහවල් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

21 Jan 2016

ඉන්දීය ධීවරයන් 102 දෙනෙකු නැවත භාර දීම සඳහා නාවික හමුදාවේ සහාය
 

මෙරට අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් 102 දෙනෙකු කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “දුර්ගාවතී” සහ “අමායා” යන නෞකාවන් වෙත භාර දීම නාවික හමුදාවේ සහාය ඇතිව අද (21) සිදු කෙරිණි.

21 Jan 2016

ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී සහ “වික්‍රමාදිත්‍ය” හා “මයිසූර්” නෞකාවන් හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා සහ “වික්‍රමාදිත්‍ය” සහ “මයිසූර්” නෞකාවන් හි අණදෙන නිලධාරීන් වන කපිතාන් කේ ස්වාමිනාදන් මහතා හා‍ කපිතාන් එම් පෝල් මහතා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

21 Jan 2016

ඉන්දියානු නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” සහ “මයිසූර්” නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව හරසරින් පිළිගනියි
 

ඉන්දියානු නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන “වික්‍රමාදිත්‍ය” නෞකාව සහ “මයිසූර්” යුද නෞකාව අද (21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව ඉතාමත් හරසරින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

21 Jan 2016