වැදගත් සිදුවීම්

බංගලාදේශ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

රී ලංකාවේ සංචාරයක නිරත වන බංගලාදේශ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත මේජර් ජෙනරාල් එස්එම් ෂෆියුඩ්දින් අහමඩ් මහතා ඇතුළු දුත පිරිසක් අද (2017 අගොස්තු 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

15 Aug 2017

උතුරු මුහුදේ මත්ස්‍ය අභිජනන ප්‍රදේශයන්ට හානි කළ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්ඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් සහ වෙරළාරක්ෂක බළකායට අනුයුක්ත භට පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකදී පේදුරුතුඩුව, ඊශාන දිග මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනන ස්ථානවලට හානි කරමින් නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීමේ යෙදි සිටි පුද්ගලයින් 09 දෙනෙකු ඩිංගි යාත්‍රා 04 ක් සමඟ අද (2017 අගෝස්තු 15) අත්ඩංගුවට ගන්නා ලදී.

15 Aug 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ක්ෂණීක ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 15) කෝකිලායි සහ කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 Aug 2017

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත අද (2017 අගෝස්තු 15) ප්‍රදානය කරන ලදී.

15 Aug 2017

කැස්බෑ මස් කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත හලාවත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත භට පිරිසක් සහ වෙන්නප්පුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (2017 අගෝස්තු 15) සිදු කළ සෝදිසි කිරීමකදී උල්හිටියාව ප්‍රදේශයේදි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

15 Aug 2017

ශ්‍රීලංකා නාවික හමුදාඅන්තර් ස්කොෂ් තරගාවලිය - 2017
 

2017 වර්ෂය සඳහා වු ශ්‍රීලංකා නාවික හමුදාඅන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය 2017 අගෝස්තු මස 07 වන දින සිට 11 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.

15 Aug 2017

යුද්ධ හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද ( අගෝස්තු, 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

14 Aug 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු, 13) පේදුරුතුඩුවට නවික සැතපුම් 18 ක් පමණ උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 04 සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

14 Aug 2017

ගම්පහ නව රණවිරු ස්මාරකය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
 

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයන්ගේ සංගමය විසින් ගම්පහ - ජාඇල මාර්ගයේ ගුවන් පාලම සම්බන්ධවන වට රවුමේ ඉදි කරන ලද නව රණවිරු ස්මාරකය අද (අගෝස්තු, 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් උත්සවාකාරයෙන් නිරාවරණය කෙරිණි.

13 Aug 2017

‘Mr. Melwa’ ජාතික කායවර්ධන තරඟාවලියේ ජය ශ්‍රී ලංකා නාවික හමුදාවට
 

‘Mr. Melwa’ ජාතික කායවර්ධන තරඟාවලිය ඊයේ (අගොස්තු, 12) වන දින මීගමුව, නගර සභා ශාලාවේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කිලෝගෑම් 75 බර පංතිය යටතේ තරඟ කළ නායක සංඥා චතුරංග ඩයස් විසින් සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වු අතර, අනු ශුරතාවය කිලෝගෑම් 70 බර පංතියෙන් තරඟ කළ නායක නැවි ප්‍රසන්න සිරිවර්ධන නාවිකයා හිමිකර ගැනිමට සමත් විය.

13 Aug 2017