වැදගත් සිදුවීම්

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය හෙට ත්‍රිකුණාමලයේදී
 

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – 2017) හෙට (ඔක්තෝබර් 02) ත්‍රිකුණාමලයේදී ආරම්භ වීමට නියමිතය.

01 Oct 2017

අත්අඩංගුවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි එරටට භාරදේ
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (සැප්තැම්බර් 30) සිදු කෙරිණි.

01 Oct 2017

අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2017 සාර්ථක ලෙස නිමාවට පත් වේ
 

නාවික හමුදා අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 30) උතුරු මැද නාවික විධානය‍ට අයත් පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

01 Oct 2017

ලෝක ළමා දිනය නිමිත්තෙන් දරු දැරියන් හට තල්මසුන් නැරඹීමට අවස්ථාව
 

අදට (ඔක්තෝබර් 01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික රූපවාහිනි නාලිකාව සහ නාවික හමුදාව එක්ව සිසු දරු දැරියන් හට තල්මසුන් නැරඹීමේ දුර්ලභ අවස්ථාව උදාකර දීමට කටයුතු කරන ලදී.

01 Oct 2017

ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී නාවික හමුදාවට
 

කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුර සහ ගාලු මුවදොර පිටියේ පිහිටි ජාතික ධජය එසවීමේ රාජකාරීන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (ඔක්තෝබර් 01) සිට නාවික හමුදාවට භාර දෙන ලදී.

01 Oct 2017