වැදගත් සිදුවීම්

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි හි අණදෙන නිලධාරී බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 06) මෙරටට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘බිජෝයි’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ෆාස්ලර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 07) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමු විය.

07 Dec 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවන්ට (Inshore Patrol Craft) අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (දෙසැම්බර් 06) කුදිරමලේට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

07 Dec 2017

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (දෙසැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

06 Dec 2017

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි කොළඹ වරායට සේන්දු වෙයි
 

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බිජෝයි නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 06) කොළඹ වරායට ‍සේන්දු විය.

06 Dec 2017

ප්‍රංශ නාවික නෞකා ඔවේන් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය දෙසැම්බර් 03 දින කොළඹ වාරයට සේන්දු වූ ප්‍රංශ නාවික හමුදාවට අයත් ඔවේන් නෞකාව අද (දෙසැම්බර් 06) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

06 Dec 2017

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වැඩමුළුවක්
 

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වැඩමුළුවක් පසුගිය නොවැම්බර් මස 29 සහ 30 යන දෙදින තුල ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වන ලදී.

05 Dec 2017

කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (2017 දෙසැම්බර් 04) කන්කසන්තුරේ, මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

05 Dec 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 04) තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Dec 2017

ප්‍රංශ නාවික නෞකා ඔවේන් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 03) මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත ‘ඔවේන්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සේවියර් බ්‍රිටේල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

04 Dec 2017

ජාත්‍යාන්තර මුහුදු නීතිය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්
 

නීති විරෝධි මසුන් ඇල්ලීම, සංක්‍රමණිකයන්, මුහුදු නීතිය හා ඒ අාශ්‍රීත පනත් සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විය.

04 Dec 2017