වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 07) අළුයම ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

07 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් යුද හමුදාධිපතිතුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 06) යුද හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු විය.

06 Nov 2017

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සහ පුහුණු සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් මස 02 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 06) කොළඹ වරායෙන් පිටත් විය.

06 Nov 2017

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමු වෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා අද (නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

06 Nov 2017

පාකිස්තානු නාවික නෞකා සයිෆ් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 05) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ශහ්සාඩ් ඉක්බාල් මහතා අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

06 Nov 2017

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට
 

පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

06 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අභිනව නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව ඊයේ (නොවැම්බර් 04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට කටයුතු කරන ලදී.

05 Nov 2017

පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායට සේන්දු වෙයි
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව අද (නොවැම්බර් 05) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

05 Nov 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 05) අළුයම වෙත්තලකේනි ප්‍රදේශයට ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

05 Nov 2017

බංග්ලාදේශ ආරක්ෂක උපදේශකතුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු එස්එම් හකීම් මහතා අද (‍නොවැම්බර් 04) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය.

04 Nov 2017