වැදගත් සිදුවීම්

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාෂල් බිරෙන්ඩර් සිං ධනෝආ මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

11 Dec 2017

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් අහමඩ් ජාවඩ් මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

11 Dec 2017

ඉදුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු විසිර යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2017 වර්ෂයේ පළමු ඉඳුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු වසරක කාලයක් පුරා සිදු කළ සාර්ථක පුහුණුවකින් අනතුරුව පසුගිය දෙසැම්බර් මස 09 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

11 Dec 2017

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය.

11 Dec 2017

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 67 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය අද (2017 දෙසැම්බර් 9) යෙදී ඇත.

09 Dec 2017

නාවික හමුදාවේ සම්ප්‍රදායික මංගල භෝජන සංග්‍රහය
 

‘ස්පලයිසින් ද මේන් බ්‍රේස්’ යනු රාජකීය නාවික හමුදාවේ අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර, රුවල් නෞකාවන් තිබුණු යුගයේ දීර්ඝ මුහුදු ගමනකින් පසු නෞකාවේ නාවිකයින් විසින් ප්‍රධාන කුඹගසේ රුවල ඉතා වෙහෙසවී අලුත්වැඩියා කිරීම හා අනෙකුත් රුවල් මැසීමේ කටයුතු අවසන් කිරීම ‘ස්පලයිසින් ද මේන් බ්‍රේස්’ යනුවෙන් හදුන්වනු ලබයි.

09 Dec 2017

මහනුවර අස්ගිරි මහ විහාරයේ අභිනව ඉදි කරන ලද දෙමහල් සංඝා වාසය සසුනට පුජා කෙරේ
 

මහනුවර අස්ගිරි මහ විහාරයේ අභිනව ඉදි කරන ලද දෙමහල් සංඝා වාසය ඊයේ (දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් සසුනට පුජා කරන ලදී.

09 Dec 2017

2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරගාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා අති උත්කර්ශවත් අන්දමින් ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්යයේදී පැවැත්විය.

09 Dec 2017

නාවික හමුදා 67 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
 

දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන ඊයේ (දෙසැම්බර් 07) අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි.

08 Dec 2017

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය දෙසැම්බර් 06 දින කොළඹ වාරයට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බිජෝයි නෞකාව අද (දෙසැම්බර් 08) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

08 Dec 2017