වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව කොලඹදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව 2019 පෙබරවාරි මස 14 සහ 15 යන දිනයන්හීදී කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත් විය.

15 Feb 2019

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට

ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (පෙබරවාරි 15) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

15 Feb 2019

නාවික හමුදාධිපතිතුමන්ගේ වයඹ නාවික විධාන සංචාරය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 12 සහ 13 යන දෙදින වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

15 Feb 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (පෙබරවාරි 14) ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙම සැක කටයුතු පුද්ගලයා පරීක්‍ෂාවට ලක්කර ඇති අතර, එහිදී ඔහු‍ගේ ගමන්මළුවේ තිබී කේරළ ගංජා ක්‍රිලෝ ග්‍රෑම් 02 ක්, රුපියල් 4,610 ක මුදලක් ද ප්‍රවාහනය සඳහා භාවිතාකළ යතුරුපැදිය ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

15 Feb 2019

ජීවී කැස්බෑවෙකු ගමන්මල්ලක සඟවාගෙන යමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාවට කොටුවෙයි

පාමුර සංචාරයේ යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 14) දින ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය රෝහල ඉදිරිපිටදී සැක සහිත ලෙස පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පරීක්‍ෂාවට ලක්කර ඇත.

15 Feb 2019

කපිතාන්, සුජීව වීරසූරිය ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ හා මගී ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) සුජීව වීරසූරිය මහතා ඊයේ (පෙබරවාරි 14) දින වැඩ භාර ගන්නා ලදී.

15 Feb 2019

නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 14) දින තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු සෝදිසි කිරීමේදී එම පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බව තහවුරු කරගෙන ඇති අතර, ඔහු සතුව තිබී කේරළ ගංජා මිලි ග්‍රෑම් 1200 ක පුමාණයක්, ජංගම දුරකතනයක්, සිම් පත් 02 ක්, පාස්පෝටි ප්‍රමාණයේ ඡායාරූප 03 ක්, ඉන්දියන් රුපියල් 20 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 200 ක් අත්අඩංගුවට ගෙන ඇත.

14 Feb 2019

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හට පාකිස්ථානු රජයෙන් ගෞරවාන්විත පදක්කමක්

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය (Aman International Naval Exercise) සඳහා සහභාගී වී සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය.

14 Feb 2019

ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 12) උප්පුරල් ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු සොදිසි කිරීමට ලක්කර ඇති අතර, එහිදී එම පුද්ගලයා සතුව තිබී දේශීය ගිනිඅවියක්, ගිනිපෙට්ටි 47 ක් සහ ඊයම් බෝල 53 ක් අත්අඩංගුවට ගෙන ඇත.

13 Feb 2019

නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් චීන වරාය පොලිස් නිලධාරීන් සමඟ සිදුකළ මෙහෙයුමකින් ඊයේ (පෙබරවාරි 12) කප්පල්තුරෛ මදට්ටන් වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ මිටර් 250 දිගැති තහනම් දැලක්, කැනොයි වර්ගයේ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

13 Feb 2019