වැදගත් සිදුවීම්

නැගෙනහිර නාවික විධානය මඟින් සේරුවාවිල මංගල රජමහා විහාරයේදී කංචුක පූජාවක් පවත්වයි

නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන්ට ආශිර්වාද පතා සංවිධානය කරන ලද කංචුක පූජා පිංකමක් 2022 පෙබරවාරි මස 05 වන දින සේරුවාවිල ඓතිහාසික මංගල රජමහා විහාරයේදී පැවැත්විණි.

08 Feb 2022

අභිමානවත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.

“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභ්‍යාග්‍යමත් මව්බිමක්”යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 74 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී, අද (2022 පෙබරවාරි 04) මධ්‍යහන 1200 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

04 Feb 2022

74 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද ‍(2022 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 74 වන නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.

04 Feb 2022

ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඩිඩික් කුර්නිආවන් (Commodore Didik Kurniawan) අද (2022 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

03 Feb 2022

තුර්කි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

තුර්කි ආරක්‍ෂක උපදේශක කර්නල් කැන් ගොක්සෙන් ගොක්කයා (Col. Can Gokcen GOKKAYA) අද (2022 පෙබරවාරි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

02 Feb 2022

නයිජීරියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

නයිජීරියානු ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනී විකටර් කුජෝ (Commodore Anthony Victor Kujoh) අද (2022 පෙබරවාරි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

02 Feb 2022