වැදගත් සිදුවීම්

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අද (2022 මාර්තු 04) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

04 Mar 2022

වැලිසර ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

වැලිසර නාවික සංකිර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල අද (2022 මාර්තු 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතින් විවෘත කෙරිණි.

03 Mar 2022

පකිස්තානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක

පකිස්තානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් අද (2022 මාර්තු 02) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

02 Mar 2022

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා 02ක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි (Minesweeper Division One) නෞකාවන් වන ‘URAGA’ නෞකාව 2022 මාර්තු මස 01 වන දින සහ ‘HIRADO’ නෞකාව ‍අද (2022 මාර්තු 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එම යුද නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

02 Mar 2022