වැදගත් සිදුවීම්
EOD & CBRNE පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (Explosive Ordnance Disposal and Chemical, Biological, Radiological, Nuclear and Explosive - EOD & CBRNE) පිළිබඳ 01/2025 පාඨමාලාව 2025 අප්‍රේල් මස 21 වැනි දින සිට මැයි මස 01 වැනි දින දක්වා, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සහතික ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
04 May 2025
"Operation Lion EYE" ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය මීගමුව කළපුවේදී

ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සංවිධානය කල "Operation Lion EYE" ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය (Riverine training exercise) මීගමුව කලපු ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 2025 අප්‍රේල් මස 30 වැනි දින සාර්ථකව පැවැත්විණි.
04 May 2025
නාවික හමුදාවේ දායකත්වයෙන් ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෘතිකයන් හා එක්ව ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක් සහ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 29 වැනි දින ත්‍රීකුණාමලය නගර සභා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
04 May 2025
නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තාක්‍ෂණික වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තෙදින පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 26 වැනි දින සිට 28 වැනි දින දක්වා සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
04 May 2025
අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් තුල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 03ක් පිරිසිදුකර ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම වෙනුවෙන් ප්‍රජා බල ගැන්වීම සඳහා 2025 අප්‍රේල් මස 20, 22 සහ 28 දිනයන්හීදී නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම ගිණීකොන නාවික විධානය මඟින් සිදු කෙරිණි.
02 May 2025
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ පොතුවිල් ප්‍රදේශයේ සිදුකල කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණය සඳහා දායක වන නාවික හමුදාව, රොටරැක්ට් ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනය (Rotaract Informatics Institute of Technology -RIIT) හා එක්ව පොතුවිල් යුරානි කලපු ප්‍රදේශයේ කඩොලාන පැළ 1000ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතියක් 2025 අප්‍රේල් මස 26 වැනි දින ආරම්භ කෙරිණි.
02 May 2025
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 419ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැට හය දෙනෙකු (266) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය පනස් තුන් දෙනෙකු (153) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දහනම දෙනෙකු (419) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 අප්‍රේල් මස 29 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි.
01 May 2025
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 19 වැනි දින සහ 26 වැනි දින දකුණු පළාත තුළ සිදුකරන ලද වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය ලබාදීම සිදු කෙරිණි.
30 Apr 2025
බටහිර නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් බටහිර නාවික විධානයේ ආඥාපතිගේ උපදෙස් මත එම විධානය විසින් සංවිධානය කල ‘වසන්ත උදානය - 2025’ විචිත්‍රවත් බක්මහ උළෙල 2025 අප්‍රේල් මස 27 වැනි දින මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
30 Apr 2025
“සිරි දළදා වන්දනාවෙන්” අනතුරුව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාවේ සහය

දළදා වන්දනාවෙන් පසු වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් විසින් නුවර වැව පරිශ්‍රයට බැහැර කරන ලද ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය සහ කැළිකසළ ඉවත් කර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය පරිසරයක් බවට පත් කිරීමේ අරමුණෙන් 2025 අප්‍රේල් මස 28 වැනි දින ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාවේ සහය ලබා දිමට කටයුතු කෙරිණි.
30 Apr 2025