වැදගත් සිදුවීම්
‘අමාන් - 2025’ බහුපාර්ශවික අභ්‍යාසය ආරම්භවෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසයේ සමාරම්භය අද (2025 පෙබරවාරි 07) පාකිස්ථානයේ කරච්චිහි නාවික වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නාවික හමුදා පුද්ගලයන් සහභාගී විය.
07 Feb 2025
ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදුකළ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2025 පෙබරවාරි මස 05 වැනි දින දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව අද (2025 පෙබරවාරි 07) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
07 Feb 2025
ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් YUKI YOKOHARI නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 07 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
07 Feb 2025
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු ජනාධිපති තුමන් බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 පෙබරවාරි මස 06 වැනි දින සිය ප්‍රථම නිල හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා බැහැදකින ලදි.
06 Feb 2025
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා මුල පිරීම වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වය

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා මුල පිරීමේ ව්‍යාපෘතියක් බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සංවිධායකත්වයෙන් අද (2025 පෙබරවාරි 06) ආරම්භ වුණු අතර, ඒ සඳහා නාවික හමුදා යාත්‍රා සහ ශ්‍රම දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
06 Feb 2025
ඉන්දියාවේ නැමීබියා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි හි නැමීබියා ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් සහ ශ්‍රී ලංකාවේද ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Lisias Kondjeni Kangandjela නිල හමුවක් 2025 පෙබරවාරි මස 05 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
06 Feb 2025
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 පෙබරවාරි මස 04 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, අද (2025 පෙබරවාරි 05) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Feb 2025
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේ මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාවේ දක්‍ෂතම නාවිකයාට හිමි ‘DUX’ සම්මානය බල නැවි ආර්බීජී චින්තක විසින් දිනා ගැනීමට සමත්වෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ සිඩ්නි හි පිහිටි ජල ශාස්ත්‍රීය විද්‍යාපීඨයේදී 2024 සැප්තැම්බර් මස 23 වැනි දින සිට දෙසැම්බර් මස 13 වැනි දින දක්වා පැවති මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලාව සඳහා සහභාගීවූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල නැවි ආර්බීජී චින්තක, එක්ස්එස් 114053 නාවිකයා එම පාඨමාලාවේ දක්‍ෂතම නාවිකයාට හිමි ‘DUX’ සම්මානය දිනා ගනිමින්, ඒ සඳහා හිමි වන “වේනින් අනුස්මරණ තිළිණය” (WAINING MEMORIAL PRIZE) හිමිකර ගැනීමට සමත්විය.
05 Feb 2025
ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 05) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
05 Feb 2025
77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව පෙරදැරිව, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (2025 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 77 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2025