වැදගත් සිදුවීම්

හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාල පරිශ්‍රය දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 04 වැනි දින සිදු කෙරිණි.

06 Mar 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගාල්ල සාගරික විශ්ව විද්‍යාලය වෙත පුහුණු ආධාරකයක් ලබා දෙයි

ශ්‍රී ලංකා සාගරික විශ්ව විද්‍යාලයේ ගාල්ල ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් Yamaha 40 HP පිටත දහන යන්ත්‍රයක කැපුම් ආකෘතියක් භාරදීම 2025 මාර්තු මස 04 වැනි දින දකුණු නාවික විධානයේ ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි

06 Mar 2025

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කුරුණැගල නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, Sunshine Foundation for Good සහ Sunshine Holding පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරුවැල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු 1086 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 මාර්තු මස 04 වැනි දින සිදු කෙරිණි.

05 Mar 2025

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 05) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

05 Mar 2025

සීප්පුකුලම, තම්මැන්නා වේළුසුමන මහා විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් සීප්පුකුලම, තම්මැන්නා වේළුසුමන මහා විද්‍යාල පරිශ්‍රය දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 03 වැනි දින සිදු කෙරිණි.

05 Mar 2025

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

03 Mar 2025

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 01 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘ASAHI’ නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 මාර්තු 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

03 Mar 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුභාශිංසන

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (2025 මාර්තු 02) 74 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික හමුදාවේ සුභාශිංසනය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනැමේ.

02 Mar 2025

නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවූ LINE THROWING ADAPTER කට්ටල මෙහෙයුම් සඳහා භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය (Research and Development Unit - RDU) මඟින් T 56 අවිය සඳහා නිෂ්පාදනය කරන ලද Line Throwing Adapter කට්ටල මෙහෙයුම් සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සයුරල නෞකාවන් වෙත භාරදීම 2025 පෙබරවාරි මස 28 වැනි දින බටහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

02 Mar 2025

නාවික හමුදාව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා එක්ව ගරුතර පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායනයක් 2025 පෙබරවාරි මස 28 වැනි දින පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.

02 Mar 2025