වැදගත් සිදුවීම්

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 ජනවාරි මස 31 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ Multirole Light Frigate වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 පෙබරවාරි 01) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

01 Feb 2025

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

01 Feb 2025

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් හසන් අමීර් (Hassan Amir) නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

31 Jan 2025

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 ජනවාරි 31) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

31 Jan 2025

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ජනවාරි 31) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

31 Jan 2025

‘අමාන් - 2025’ බහුපාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට විජයභාහු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගීවීම‍ට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව අද (2025 ජනවාරි 30) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි බලා පිටත් වූ අතර, ශ්‍රී ලංකා නා‍වික නෞකා විජයභාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායෙන් පිටත් වීම සිදුකෙරිණි.

30 Jan 2025

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා 28ක් නාවික හමුදාවේ දායකත්වයෙන් පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කරයි

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් ආරම්භ කල රජයේ වී ගබඩා පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ 2025 ජනවාරී මස 29 වැනි දින වන විට වී ගබඩා විසි අටක් (28) පිරිසිදු කර ප්‍රථීසංස්කරණය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

29 Jan 2025

නාවික හමුදාව කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකය සඳහා ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා සන්කෙන් ඕවර්සීස් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපනය කිරීම, 2025 ජනවාරි මස 29 වැනි දින සිදුකෙරිණි.

29 Jan 2025

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අද දින (2025 ජනවාරි 29) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

29 Jan 2025

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ය‍ටතේ නාවික හමුදාව මඟින් තලෛමන්නාරම ප්‍රදේශයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්‍ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව තලෛමන්නාරම, ඌරුමලේ නාවික අණුඛණ්ඩය ඉදිරිපස වෙරළ තීරයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රීයාවට නැංවීමට 2025 ජනවාරි මස 28 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

28 Jan 2025