වැදගත් සිදුවීම්
ජාත්‍යන්තර යුද නෞකා නිරික්‍ෂණය 2025 සඳහා සහභාගී වීමට විදේශීය යුද නෞකා දිවයිනට පැමිණෙයි
ශ්‍රිලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය වෙනුවෙන් කලාපීය හා ගෝලීය රාජ්‍යන් හතක (07) යුද නෞකා සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 30 දින ගාළු මුවදොරට ඔබ්බෙන් වු මුහුදේදි පැවැත්වීමට නියමිත, ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීම සඳහා බංග්ලාදේශය සහ ඉන්දියාව නියෝජනය කරමින් යුද නෞකා තුනක් (03) 2025 නොවැම්බර් මස 25 සහ 26 දෙදින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Nov 2025
75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්
2025 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ, හින්දු ආගමික වැඩසටහන 2025 නොවැම්බර් මස 23 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.
26 Nov 2025
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාවැව නව ගම්මානයෙහි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 නොවැම්බර් මස 21 වැනි දින සිදු කෙරිණි.
26 Nov 2025
නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2025 (Public Speaking Competition - 2025) සහ 2025 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කිරීම, 2025 නොවැම්බර් මස 20 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජනක මාරඹේ ගේ ප්‍රධානත්වයෙන් සහ අභාවප්‍රාප්ත අද්මිරල් ක්ලැන්සි ප්‍රනාන්දු ගේ මැතිණිය මොනිකා ප්‍රනාන්දු මහත්මියගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්විනි.
26 Nov 2025
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණි ඉන්දිය නාවික හමුදාවේ ගොඩ බෑමේ යාත්‍රා දිවයිනෙන් පිටත් වෙයි
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 නොවැම්බර් මස 22 වැනි දින ඉන්දිය නාවික හමුදාවේ ගොඩ බෑමේ යාත්‍රා තුනක් දිවයිනට පැමිණි අතර, එම සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව නොවැම්බර් 25 වන දින එම යාත්‍රා දිවයිනෙන් පිටත් විය. ශ්‍රිලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම යාත්‍රා පිළිගැනීම හා සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
25 Nov 2025
75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, ජුම්මා පල්ලියේදී ඉස්ලාම් දේව මෙහෙයක්
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ, ඉස්ලාම් දේව මෙහෙය 2025 නොවැම්බර් 22 වැනි දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.
25 Nov 2025
75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, 2025 නොවැම්බර් මස 21 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල ගේ ප්‍රධානත්වයෙන් කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.
25 Nov 2025
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව සමාජ, සදාචාරාත්මක සහ පාරිසරික මුල පිරීම් ආවරණය වන පරිදි, නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල් තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, ඒ යටතේ “Sailing Strong Together” යන තේමාව පෙරදැරිව පවත්වනු ලබන “ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025” පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 24 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
25 Nov 2025
දිවිපිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පොපි මලක් පැළඳවීම 2025 නොවැම්බර් මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
25 Nov 2025
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 නොවැම්බර් 18 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2025 නොවැම්බර් මස 21 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
21 Nov 2025


