වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රිය සීමා හමුව සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රිය සීමා හමුව (International Maritime Boundary Line meeting), 2025 නොවැම්බර් මස 11 වැනි දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රිය සීමාවේදී, ඉන්දීය නාවික හමුදාවේ INS Sukanya නෞකාවේදී සාර්ථකව පැවැත්විණි.

12 Nov 2025

75 වැනි නාවික හමුදා සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන නාවිකයන්ගේ සුහද හමුව නාවික සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් පැවැත්විණි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සර දිනය සැමරීම නිමිත්තෙන් සර්ව ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික නාවිකයන්ගේ සුහද හමුව අද (2025 නොවැම්බර් 07) වැලිසර ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

08 Nov 2025

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග/ මැදබැද්ද මහා විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබර් මස 31 වැනි දින සිදුකෙරිණි.

04 Nov 2025

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ 04 වැනි පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සිව්වන (04) ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Role of Sri Lanka Navy in National Security’ යන කාලීන මාතෘකාව යටතේ 2025 නොවැම්බර් මස 03 වැනි දින ආරාධිත දේශනයක් පැවැත් වීමට කටයුතු කෙරිණි. තවද, එම අවස්ථාවේදී නාවික හමුදාධිපති වෙත ගෞරව පිරිනැමීම සනිටුහන් කරමින් ‘Hall of Fame’ ගෞරවනීය පුවරුව වෙත නාවික හමුදාධිපතිගේ නම ඇතුලත් කිරීමද එහිදී සිදුකෙරිණි.

04 Nov 2025

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පොපි මලක් පැළඳවීම අද දින (2025 නොවැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

04 Nov 2025

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද (2025 ඔක්තෝබර් 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

01 Nov 2025

ශ්‍රී ලංකා - ජපාන නාවික සහයෝගීතාවය ශක්තිමත් කරමින් බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

ශ්‍රී ලංකා සහ ජපාන නාවික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගිය ජපාන සමුද්‍රීය ස්ව්‍යං ආරක්‍ෂක බලකායේ AKEBONO නෞකාව, අද (2025 ඔක්තෝබර් 31) බටහිර මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවිය.

01 Nov 2025

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය වෙනුවෙන් ධජ ආශිර්වාද පූජා සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය අනුරාධපුර පුද බිමේදී

2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය සහ නාවික ධජ වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පූජා පුණ්‍ය මහෝත්සවය, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2025 ඔක්තෝබර් මස 30 සහ 31 දිනයන්හි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පුදබිමේදී පැවැත්වුණු අතර, ‍එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනුෂා බානගොඩ මැතිනියද සහභාගී විය.

31 Oct 2025

පුත්තලම සෙම්බුකුලිය වැවේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය

පුත්තලම, මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය වැවේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 ඔක්තෝබර් මස 27 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

31 Oct 2025

නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමගාමීව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් වේයන්ගොඩදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් සහ ලෝක මුඛ සෞඛ්‍ය දිනය හා ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් 2025 ඔක්තෝබර් මස 26 වැනි දින, වේයන්ගොඩ සිරිසුමන දහම්පාසලේදී සාර්ථකව පැවැත්විණි.

31 Oct 2025