වැදගත් සිදුවීම්
රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘AL SEEB’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි
2026 ජනවාරි මස 22 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව 2026 ජනවාරි මස 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Jan 2026
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි
2026 ජනවාරි මස 22 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව 2026 ජනවාරි මස 23 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Jan 2026
බෝඹුරුඇල්ල ජලාශයේ අක්‍රීය සොරොව් දොරටුව ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය
නුවරඑළිය බෝඹුරුඇල්ල ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2026 ජනවාරි මස 19 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
23 Jan 2026
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ නෞකාව දිවයිනට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදි සිදු කෙරිණි.
22 Jan 2026
රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘AL SEEB’ යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
22 Jan 2026
‘EX - DOSTI – XVII’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි
ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 16 වැනි දින සිට 19 වැනි දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVII ’ ත්‍රෛයිපාර්ශ්වික නාවික අභ්‍යසය සාර්ථකව නිමාවට පත්විය.
21 Jan 2026
නේපාලයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යන සංචාරයක නිරතවෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නේපාලයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ, මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, බ්‍රිගේඩියර් ජෙනරල් Purna Bahadur Khatri ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් 2026 ජනවාරි මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
20 Jan 2026
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ රාසයනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නාවික හමුදා ශිල්පීය දායකත්වය
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස, නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකික යුවළකගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකෙරෙන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ රාසයනාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම, 2026 ජනවාරි මස 15 වැනි දින සිදු කෙරිණි.
19 Jan 2026
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක උතුරු නාවික විධාන ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, Colonel Amanda Johnston නිල හමුවක් සඳහා 2026 ජනවාරි 14 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ හමු විය.
17 Jan 2026
ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ඉන්දීය නාවික හමුදාව වෙතින් රිබ් යාත්‍රාවක්
ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ඉන්දීය නාවික හමුදාව වෙතින් ප්‍රදානය කරන ලද රිබ් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් පිරිනැමීම, 2026 ජනවාරි මස 15 වැනි දින, කොළඹ වරායේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.
17 Jan 2026


