වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර සමුගැනීමේ නිල හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ගරු Major General (R) Umar Farooq Burki මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර, නාවික හමුදා මූලස්ථානයේදී අද දින (2023 දෙසැම්බර් 21) සමුගැනීමේ නිල හමුවක් සිදු කෙරිණි.

21 Dec 2023

73 වන නාවික හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නාවිකයන්ගේ සුහද හමුව උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ නාවිකයන්ගේ සුහද හමුව අද දින (2023 දෙසැම්බර් 20) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

21 Dec 2023

පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නාවිකයන් හට පිළිගැනීමක් ලබා දීම වෙනුවෙන්, හඳුන්වා දුන් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) තනතුර සඳහා පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර යන ජ්‍යේෂ්ඨ නාවිකයා අද දින (2023 දෙසැම්බර් 19) පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම නව තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර වෙත පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

20 Dec 2023

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද Commodore M Moniruzzaman අද දින (2023 දෙසැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

19 Dec 2023

නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 17 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහහත් වන (17) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙත සහතික හා කුසලාන ප්‍රදාණය කිරීම ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී 2023 දෙසැම්බර් මස 14 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

15 Dec 2023

සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Captain Ian Cain සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Amanda Johnston සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද දින (2023 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

15 Dec 2023

ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වැලිසර නාවික සංකීර්ණයේ දී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ( Sri Lanka National Hydrographic Office) විවෘත කිරීම ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න( විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරී කොමදෝරු කෝසල වර්ණකුලසූරියගේ සහභාගීත්ව‍යෙන් අද දින (2023 දෙසැම්බර් 14 වන දින) වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.

14 Dec 2023

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුන්‍යකර්මයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2023 දෙසැම්බර් මස 08 වන දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද දින (2023 දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

09 Dec 2023

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට ගැසීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසීමේ (Rigging) තරඟාවලිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2023 දෙසැම්බර් මස 07 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

09 Dec 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 73 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද දින (‍2023 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 73 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

09 Dec 2023