වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා සංගමයේ අනුශාසක වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
03 Apr 2025
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 අප්‍රේල් මස 01 වැනි දින ත්‍රීකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
03 Apr 2025
මහනුවර, අලවතුගොඩ මප/කටු/මාවතුපොල මුස්ලිම් විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මහනුවර, අලවතුගොඩ මප/කටු/මාවතුපොල මුස්ලිම් විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 මාර්තු මස 18 වැනි දින සිට 29 වැනි දින දක්වා සිදු කෙරිණි.
02 Apr 2025
10 වැනි වේග ප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය (FAF4) මඟින් පවත් වන ලද 10 වැනි වේගප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද පුහුණු නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රධානය ධජ නිලධාරී නාවික දියත් විධානයගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු මස 29 වැනි දින හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මූලස්ථානයේදී සිදු කෙරිණි.
02 Apr 2025
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකාවන් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා නිල සංචාරයක් සඳහා අද (2025 අප්‍රේල් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
01 Apr 2025
නාවික හමුදාව මඟින් ජාතික ඩෙංගු මර්ධණ වැඩසටහන සඳහා සහය

ජාතික ඩෙංගු මර්ධණ වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති ඩෙංගු මර්ධණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මාර්තු මස27 සිට 29 දක්වා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණී.
01 Apr 2025
ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක් 2025 මාර්තු මස 26 වැනි දින සිට 2025 මාර්තු 28 වැනි දින දක්වා ත්‍රීකුණාමළය කොඩ්බේ සහ වාලච්චේන ධීවර වරායන් කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. එහිදී එම වැඩ සටහන්ට සහභාගී වූ ධීවරයින් වෙත ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව වෙතින් සහතික පත් ප්‍රදානයක්ද සිදු කෙරිණි.
01 Apr 2025
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ජගත් කුමාර 2025 මාර්තු 31 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
01 Apr 2025
මුලතිව්, ශ්‍රී සුබ්‍රමනියම් විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා ප්‍රජා බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මුලතිව්, ශ්‍රී සුබ්‍රමනියම් විද්‍යාලය පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 මාර්තු මස 26 වැනි දින සිදු කෙරිණි.
01 Apr 2025
කරගහතැන්න කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් නිරෝගී ජාතියක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර, එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම සඳහා නාවික හමුදා පුද්ගලයින් උනන්දු කිරීම සිදු කරනු ලබයි. මේ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරුගේ පූර්ණ අධික්‍ෂණය යටතේ නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ කරගහතැන්න කඳු තරණ අභ්‍යාසය 2025 මාර්තු මස 29 වැනි දින සාර්ථකව පැවැත්විණි.
31 Mar 2025