වැදගත් සිදුවීම්
නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් වෙනුවෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් විශේෂ දේශණයක් පවත්වයි
නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන අත්දැකීම් මත පදනම් වූ දේශන මාලාවේ පස්වන දේශනය, ‘ Location, Location, and Location: Defence Diplomacy & Indo Pacific Strategies for Sri Lanka’ යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විසිවන (20) නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් 2023 මැයි මස 13 වන දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
16 May 2023
නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ 41 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2022 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 41 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා හෙද ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අද දින (2023 මැයි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගෞරවණීය ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාවාර්ය එස්එස්පී වර්ණකුලසූරිය මහතා සහභාගී විය.
15 May 2023
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 32 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 32 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරන ලද ශිෂ්‍ය නිලධාරීන්ගේ සහතික ප්‍රදානෝත්සවය 2023 මැයි මස 11 වන දින නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
15 May 2023
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ ඉදිකරන ලද වායු රයිෆල් ක්‍රීඩා සමාජය නාවික හමුදාධිපතිගේ ප්‍රධානතවයෙන් විවෘත කෙරේ
නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙඩි තැබීමේ පුහුණු පාසලෙහි ස්ථාපනය කර තිබූ වායු රයිෆල් ක්‍රීඩා සමාජය, නාවික තඨාකාංගනය නැරඹීමට පැමිණෙන අමුත්තන් හටද භාවිතා කළ හැකි පරිදි නවීකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර, නාවික කෞතුකාගාරය අසල නව පරිශ්‍රයක විවෘත කිරීම, 2023 අප්‍රේල් මස 30 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
14 May 2023
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 388 ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු (345) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් තුන් දෙනෙකු (43) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූඅට දෙනෙකු (388) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 මැයි මස 13 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.
14 May 2023
නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මැයි මස 11 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම් කටයුතු, පුහුණු කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්‍රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
12 May 2023
නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් මුහුදු රාජකාරීන් සඳහා අනුයුක්ත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා අද දින උදෑසන (2023 මැයි 11) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත විය.
11 May 2023
IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
සිංගප්පූරුවේ චැංගී ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ 2023 මැයි මස 03 සිට 05 දක්වා පැවති IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්‍ෂක සම්මන්ත්‍රණය (International Maritime Security Conference – IMSC ) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
08 May 2023
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කළාපයේ පෙරහැර නාවික හමුදා දායකත්වයෙන් උත්කර්ශවත් අයුරින් පවත්වයි
2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ 2023 මැයි මස 06 වන දින රාත්‍රි පෙරහැර, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ අනු නායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරිණි.
07 May 2023
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නාවික හමුදාව සමරයි
2023 මැයි මස 05 වන දිනට යෙදුණු 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සංවිධානය කිරීමත්, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපය සහ රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා දායකත්වය ලබාදීමත් බැති සිතින් සිදුකෙරිණි.
06 May 2023


