වැදගත් සිදුවීම්

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 01 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘ASAHI’ නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 මාර්තු 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

03 Mar 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුභාශිංසන

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (2025 මාර්තු 02) 74 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික හමුදාවේ සුභාශිංසනය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනැමේ.

02 Mar 2025

නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවූ LINE THROWING ADAPTER කට්ටල මෙහෙයුම් සඳහා භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය (Research and Development Unit - RDU) මඟින් T 56 අවිය සඳහා නිෂ්පාදනය කරන ලද Line Throwing Adapter කට්ටල මෙහෙයුම් සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සයුරල නෞකාවන් වෙත භාරදීම 2025 පෙබරවාරි මස 28 වැනි දින බටහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

02 Mar 2025

නාවික හමුදාව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා එක්ව ගරුතර පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායනයක් 2025 පෙබරවාරි මස 28 වැනි දින පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.

02 Mar 2025

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදාව යටිතල පහසුකම් සංවර්ධනය කරයි

යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික, සම්පත් හා ශ්‍රම දායකත්වය ලබාදීම සිදු කරමින් පවතී.

01 Mar 2025

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 මාර්තු 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

01 Mar 2025

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් වෙහෙරයාය කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ආචාර්ය පැරකුම් ඕවිටිගල මහතාගේ මූල්‍ය දායකත්වයෙන් මොණරාගල අධ්‍යාපන කලාපයේ වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙහෙරයාය කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු 1085 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 28 වැනි දින සිදු කෙරිණි.

28 Feb 2025

නාවික හමුදාධිපති සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර නිල හමුවක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 පෙබරවාරි 28) නිල හමුවක් සඳහා කොළඹ, ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.

28 Feb 2025

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් තිස්සමහාරාම ශ්‍රී දේවානන්ද ජාතික පාසලේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ඉංජිනේරු බුද්ධි මංගල මහතාගේ මූල්‍ය දායකත්වයෙන් හම්බන්තොට අධ්‍යාපන කලාපයේ තිස්සමහාරාම කොට්ඨාසයට අයත් ශ්‍රී දේවානන්ද ජාතික පාසලේ ස්ථාපනය කෙරුණු 1084 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 27 වැනි දින සිදු කෙරිණි.

28 Feb 2025

යාපනය වැල්වැටිතුරෛ චිතම්බරා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් යාපනය, වැල්වැටිතුරෛ චිතම්බරා විද්‍යාලය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 පෙබරවාරි මස 26 වැනි දින සිදු කෙරිණි.

27 Feb 2025