වැදගත් සිදුවීම්

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව පෙරදැරිව, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද ‍(2025 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 77 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.

04 Feb 2025

අභිමානවත් 77 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නාවික හමුදාව ආචාර වෙඩි මුර 25 ක් පිරිනමයි

‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාව පෙරදැරිව පැවති 77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට, අද (2025 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට සයුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් චන්දන ප්‍රියන්ත ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

04 Feb 2025

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 04) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

04 Feb 2025

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 පෙබරවාරි මස 01 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ යුද නෞකාව එම නිල සංචාරය අවසන් කරමින් අද (2025 පෙබරවාරි 04) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

04 Feb 2025

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු මියොන් ලී (Miyon LEE) මැතිණිය, නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 03 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

04 Feb 2025

නාවික හමුදාධිපති අති උතුම් කාදිනල් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී .

03 Feb 2025

නාවික හමුදාධිපති අමරපුර මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 පෙබරවාරි මස 01 වැනි දින බලංගොඩ, ශ්‍රී ධර්මානන්ද විහාරස්ථානයේදී, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක වැඳ නමස්කාර කර නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.

03 Feb 2025

නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී

නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට 2025 පෙබරවාරි මස 04 වැනි දින මධ්‍යහ්න 1200 පැයට සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත.

03 Feb 2025

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද (2025 පෙබරවාරි 03) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

03 Feb 2025

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 ජනවාරි මස 31 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවේ Frigate (Modified Hamilton Class High Endurance Cutter) වර්ගයට අයත් නෞකාවක් වන ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව, නිල සංචාරය නිම කරමින් අද (2025 පෙබරවාරි 02) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

02 Feb 2025