වැදගත් සිදුවීම්

ඉන්දීය ධීවරයින් 51 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 3 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 51 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 3 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (10) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

10 Jan 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

09 Jan 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

08 Jan 2017

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් නව දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනේ
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) සින්නපාඩු මුහුදු ප්‍රදේශයේ දී වලංගු ධීවර බලපත්‍ර රහිතව නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

08 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

08 Jan 2017

ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, අද (7) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් ගුවන් හමුදා පිල පරදවා ලකුණු 29 - 21 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය.

07 Jan 2017

ආපදා කළමණාකරණය යන තේමාව යටතේ සංවිධානය කළ දෙවන ‘Table Top’ අභ්‍යාසය උතුරු නාවික විධානයේ දී පැවැත්වේ
 

ආපදා කළමණාකරණය යන තේමාව යටතේ උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ දෙවන ‘Table Top’ අභ්‍යාසය පසු ගිය (5) දින කන්කසන්තුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ විධාන නිලධාරි නිවාසයේ දී, උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

07 Jan 2017

නාවික තඨාකාංගනයේ අලුතින් ඉදිකළ යාත්‍රා අංගනය සහ ප්‍රතිසංස්කරණය කරන ලද විධානය ගබඩා සංකීර්ණය විවෘත කෙරේ
 

නාවික තඨාකාංගනයේ අලුතින් ඉදි කරන ලද යාත්‍රා අංගනය නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති සහ ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සුරතින් පසු ගිය (5) වන දින විවෘත කරන ලදි.

07 Jan 2017

වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට සහ මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) උච්චමුනේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

07 Jan 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

06 Jan 2017