වැදගත් සිදුවීම්

ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි
 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්ව අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනෙකුගේ මෘත දේහ ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 01) කටයුතු කරන ලදී.

02 Dec 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (දෙසැම්බර් 01) රාත්‍රී කෝවිලන් තුඩුවට සහ පේදුරු තුඩුව උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

02 Dec 2017

ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වලට නාවික හමුදාවේ සහාය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

01 Dec 2017

නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිසක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (නොවැම්බර් 30) නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටින් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 32 දෙදෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

01 Dec 2017

පාකිස්තානු මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

30 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 29) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය.

29 Nov 2017

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව CMA CGIM Orfeo නම් බහාලුම් නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (නොවැම්බර් 28) උදෑසන කටයුතු කරන ලදී.

29 Nov 2017

67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික වැඩසටහනක්
 

දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන අද (නොවැම්බර් 29) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

29 Nov 2017

ආපදා කළමණාකරන හා මුල් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව සාර්ථක ලෙස නිමා වෙයි
 

පසුගිය නොවැම්බර් මස 23 වන දින කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු පළමු ආපදා කළමණාකරන හා මුල් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව ඊයේ (නොවැම්බර් 28) සාර්ථක ලෙස නිමාවට පත් විය.

29 Nov 2017

පුහුණු වන නාවික නිලධා‍රීන්ගේ සංගීතයෙන් හැඩගැන්වූ Live in Uncommon 2017 සංගීතමය සැදෑව
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නාවික නිලධාරීන් විසින් සංවිධානය කරන ලද Live in Uncommon 2017 සංගීත ප්‍රසංගය පසුගිය නොවැම්බර් මස 26 වන දින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

29 Nov 2017