වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර ක‍ටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

14 Nov 2016

සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්‍රථම අධියරේ, අද (13) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදවා ලකුණු 21 - 13 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය.

14 Nov 2016

සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ
 

මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (13) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

13 Nov 2016

227 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 297 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 227 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 297 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (12) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා සහභාගී විය.

13 Nov 2016

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “අමිත් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (11) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

12 Nov 2016

නීති විරෝධී ලෙස කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) සිදු කරන ලද සෝදිසි කිරීමකදී ගුරුනගර් ජැටියේ නවතා තිබූ ධීවර යාත්‍රාවක් තුල තිබී කැස්බෑවෙකුගේ මස් සහ තවත් ජීවී කැස්බෑවෙකු සොයා ගන්නා ලදී.

12 Nov 2016

අනතුරට පත් ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 7 දෙනෙකු ‍බේරා ගැනේ
 

ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් පිටත් වූ “ජනත පුතා 2” නමැති බහු දින ධීවර යාත්‍රාව අද (11) උදෑසන වෙළඳ නෞකාවක ගැටී අනතුරකට ලක් වූ අතර, එහි සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

11 Nov 2016

50 වැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් අද (10) විවෘත කෙරිණි.

10 Nov 2016

නාවික නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් වෙනුවෙන් ක්‍රිස්තියානි සංගමයෙන් මූල්‍ය පරිත්‍යාගයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවාඩු ‍නිකේතන සංකීර්ණය වෙනුවෙන් නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය ද මූල්‍යමය දායකත්වයක් සැපයීමට ඉදිරිපත්ව ඇත.

10 Nov 2016

සුර්ය බලයෙන් ආලෝකමත් වන ශ්‍රී ලංකා නාවික හමුදාව
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය තම දැනුම හා තාක්‍ෂණික ඥානය ප්‍රයෝජනයට ගනිමින් තවත් ඵලදායි වැඩ පිළිවෙලක් නාවික හමුදාව තුළ දියත් කර ඇත.

10 Nov 2016