වැදගත් සිදුවීම්
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 11) නොරෙච්චෝලෙයි ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
11 Jul 2017
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
11 Jul 2017
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජූලි 11) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී නව ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.
11 Jul 2017
රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (11) විශ්‍රාම යන ලදී.
11 Jul 2017
සුහද සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ෆ්‍රිගෙට් වර්ගයේ (ANZAC – Class Frigate) ‘අරුන්ටා’ යුද නෞකාව අද (10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
10 Jul 2017
සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි අද (09) ජනතා අයිතියට පත් කෙරුණි.
09 Jul 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 8) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
09 Jul 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පොල්පිතිගම, කඳුබොඩගම ප්‍රදේශයෙහි අද (08) ජනතා අයිතියට පත් කෙරුණි.
08 Jul 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විවිධ ප්‍රජා සේවාවන් රැසක් සිදුකරමින් පවතී.
07 Jul 2017
නීති විරෝධී ලෙස අල්ලන ලද පොල් කොළ මෝරු (Ocean white strip shark) තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් පදනම් කර ගනිමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 07) උදැසන බේරුවල ධිවර වරාය පරික්ෂාවට ලක් කරන ලදි.
07 Jul 2017