වැදගත් සිදුවීම්
Colombo Supercross -2017 ධාවන තරඟාවලිය මැයි 7 වන දින වැලිසර දී පැවැත් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය හෙට (7) උදෑසන 0830 පැයට වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත් වේ.
06 May 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් තලංගම (උතුර) පොලිසීයේ සහය ඇතිව සිදු කරන ලද වැටලීම් දෙකකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පසුගිය (4) අත්අඩංගුවට ගන්නා ලදී.
06 May 2017
200 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උදාරතර සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජීය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි.
05 May 2017
සර්වඥ ධාතුන් වහන්සේලා නාහමු වෙත වැඩම කෙරේ
ඊයේ (4) තිස්සමහාරාමයේ සඳගිරි මහ සෑයේ සිට ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මගින් වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා අද උදේ 0900 වන විට නාවික හමුදා මුලස්ථානය වෙත වැඩම කරවන ලදී.
05 May 2017
ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් සිංගප්පුරුව බලා පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවන් වන ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම පිණිස අද(5) කොළඹ වරායෙන් සිංගප්පුරුව බලා යාත්‍රා කරන ලදි.
05 May 2017
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ත්‍රිකුණාමලය ඇතුළත වරාය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු ඊයේ (4) දින අත්අඩංගුවට ගෙන ඇත.
05 May 2017
අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 17 සොයා ගැනේ
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) උඩුත්තුරේයි ප්‍රදේශයේ සිදු කරන ලද රාත්‍රි පාමුර සංවාරයකදී අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 17 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
05 May 2017
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ගෝවා නැව් තඨාකංගනයේ නිෂ්පාදනය කරමින් පවතින දෙවන අධි තාක්ෂණික නෞකාව නිළ වශයෙන් දියත් කිරීම පසු ගිය (2) වන දින සිදු කරන ලදී.
04 May 2017
රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (4) දින විශ්‍රාම යන ලදී.
04 May 2017
‘සයුරුසර’ සඟරාවේ 32 වන කලාපය එළිදකී
නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 32 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (4) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විණි.
04 May 2017


