වැදගත් සිදුවීම්

කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් ප්‍රජා සත්කාරක දායකත්වය

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී සිට කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2025 ජුනි මස 20 වැනි දින ආරම්භ කෙරිණි. එම කටයුතු නිරීක්‍ෂණය කරමින් පාද යාත්‍රාව සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එහිදී උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

24 Jun 2025

නාවික හමුදාධිපති ගිණිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 20 වැනි දින සිට 22 වන දින දක්වා ගිණිකොණ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු කාර්‍යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය හා මෙහෙයුම් අභිප්‍රාය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

23 Jun 2025

නාවික පුහුණු ‍ක්‍ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදුකල ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍රගේ අභාවය පිළිබඳව නාවික හමුදාවේ සංවේගය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු කටයුතු වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදුකරමින්, දැනුම කුසලතා සහ යහපත් ආකල්ප සහිත නායකයන් නාවික හමුදාව වෙත දායාද කරදීම උදෙසා සුවිශේෂී දායකත්වයක් දැක්වූ, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර, 2025 ජුනි මස 19 වැනි දින අභාවප්‍රාප්ත විය.

22 Jun 2025

තාක්‍ෂණික ප්‍රවීණතාවය ලබාගත් ශිල්පීය අංශයේ නාවිකයන් 32ක් විසිර යයි

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 22 වැනි තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් තිස් දෙදෙනෙකු (32) විසිරයාම, 2025 ජුනි මස 20 වැනි දින වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී, එම ආයතනයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ කපිතාන් හේමජිත් බණ්ඩාරගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හසන්ත දසනායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

21 Jun 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙල්හිරියාව සහ කෝන්වැව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 20වැනි දින සිදු කෙරිණි.

21 Jun 2025

සාගරයේ තෙල් කාන්දු හා විසිරීම් කළමනාකරණය කර ගැනීමේ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් කන්කසන්තුරයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල තෙල් විසිරීමක් සිදු වුවහොත් ඒ සඳහා ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ සූදානම වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය පරිසරයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් කන්කසන්තුරය වරායේ ‘පී.එච්’ ජැටිය ආශ්‍රිතව 2025 ජුනි මස 16 සහ 17 යන දෙදින තුළ සාර්ථකව පැවැත්විණි.

21 Jun 2025

නාවික හමුදාව මඟින් තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, මුහුදේදී තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 ජුනි මස 11 සහ 18 යන දෙදින තුල යාපනය කයිට්ස් දූපතේ ශ්‍රී ලංකා නාවික නෞකා කණ්චදේව ආයතනයේදී සහ පුන්ගුඩුතිව් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

21 Jun 2025

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජුනි මස 03 වැනි දින සිට 07 වැනි දින දක්වා කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහව, කුඹුක්ගැටේ සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ මුන්දලම, කොට්ටුකච්චිය හා ගගේ වාඩිය යන ප්‍රදේශ ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි.

21 Jun 2025

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, පූජ්‍ය ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල වෙත ප්‍රදානය කිරීම, 2025 ජුනි මස 17 වැනි දින එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

20 Jun 2025

නාවික හමුදාවේ දායකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2025 ජුනි මස 17 වන දින ත්‍රීකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

20 Jun 2025