වැදගත් සිදුවීම්
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

"ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ ආංශික පරිවර්තනය තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම" යන තේමාව යටතේ පැවැත්වෙන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ගේ (විශ්‍රාමික) ගෞරවනීය සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් මස 07 වන දින එම විශ්වවිද්‍යාලිය ශ්‍රවණාගාරයේ දී ආරම්භ වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
08 Sep 2023
විෂ හා අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකාය නාවික හමුදා මූලස්ථානයේදී රැස්වෙයි

රට තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධ විශේෂ රැස්වීමක් විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 01 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
06 Sep 2023
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2023 සැප්තැම්බර් මස 04 වන දින සිදුකෙරිණි.
06 Sep 2023
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2023 සැප්තැම්බර් මස 03 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
04 Sep 2023
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 සැප්තැම්බර් මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 සැප්තැම්බර් 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
03 Sep 2023
රියර් අද්මිරාල් ධම්මික කුමාර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස වැඩ භාර ගනියි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර, 2023 සැප්තැම්බර් මස 01 වන දින එම විශ්ව විද්‍යාලයේදි වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
02 Sep 2023
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා වැඩ භාර ගනී

බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් සමන් පෙරේරා අද දින (2023 සැප්තැම්බර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
01 Sep 2023
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 සැප්තැම්බර් 01) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.
01 Sep 2023
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 සැප්තැම්බර් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
01 Sep 2023
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 38 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන අද දින (2023 සැප්තැම්බර් 01) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
01 Sep 2023