වැදගත් සිදුවීම්

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සහ පිසූ ආහාර ලබා දීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් අරඹයි

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සහ පිසූ ආහාර ලබා දීම සඳහා නාවික හමුදා විශේෂ ජංගම මුළුතැන්ගෙය සහිත රථ මෙහෙයුම් සඳහා කොළඹ, අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කය වෙතත්, ජංගම ප්‍රති ආශෘත ජල පිරිපහදු පද්ධතිය සහිත රථය මෙහෙයුම් සඳහා මහනුවර ප්‍රදේශයේත් ස්ථාන ගත කිරීම අද (2025 දෙසැම්බර් 02) සිදුකෙරිණි.

02 Dec 2025

මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී, මේජර් ජෙනරාල් Ibrahim Hilmy (Chief of Defence Force of Maldives National Defence Force -MNDF), 2025 දෙසැම්බර් මස 01 දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය.

02 Dec 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක 2025 නොවැම්බර් මස 29 වැනි දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

01 Dec 2025

නාවික හමුදාධිපති INS UDAYGIRI නෞකාවේ නිල සංචාරයක නිරත වෙයි

ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි ඉන්දිය නාවික හමුදාවේ INS UDAYGIRI යුද නෞකාවේ නිල සංචාරයක් සඳහා අද (2025 නොවැම්බර් 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බාන‍ගොඩ සහභාගි විය.

27 Nov 2025

නාවික හමුදාධිපති INS VIKRANT නෞකාවේ නිල සංචාරයක නිරත වෙයි

ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි ඉන්දිය නාවික හමුදාවේ INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ නිල සංචාරයක් සඳහා අද (2025 නොවැම්බර් 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බාන‍ගොඩ සහභාගි විය.

27 Nov 2025

නාවික හමුදාධිපති විසින් ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා පැමිණි BNS PROTTOY නෞකාවේ නිල සංචාරයක නිරත වෙයි

ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදාවේ BNS PROTTOY යුද නෞකාවේ නිල සංචාරයක් සඳහා අද (2025 නොවැම්බර් 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බාන‍ගොඩ සහභාගි විය.

27 Nov 2025

ජාත්‍යන්තර යුද නෞකා නිරික්‍ෂණය 2025 සඳහා සහභාගී වීමට විදේශීය යුද නෞකා දිවයිනට පැමිණෙයි

ශ්‍රිලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය වෙනුවෙන් කලාපීය හා ගෝලීය රාජ්‍යන් හතක (07) යුද නෞකා සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 30 දින ගාළු මුවදොරට ඔබ්බෙන් වු මුහුදේදි පැවැත්වීමට නියමිත, ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය - 2025 සඳහා සහභාගිවීම සඳහා බංග්ලාදේශය සහ ඉන්දියාව නියෝජනය කරමින් යුද නෞකා තුනක් (03) 2025 නොවැම්බර් මස 25 සහ 26 දෙදින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

26 Nov 2025

75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2025 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ, හින්දු ආගමික වැඩසටහන 2025 නොවැම්බර් මස 23 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.

26 Nov 2025

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාවැව නව ගම්මානයෙහි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 නොවැම්බර් මස 21 වැනි දින සිදු කෙරිණි.

26 Nov 2025

නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2025 (Public Speaking Competition - 2025) සහ 2025 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කිරීම, 2025 නොවැම්බර් මස 20 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජනක මාරඹේ ගේ ප්‍රධානත්වයෙන් සහ අභාවප්‍රාප්ත අද්මිරල් ක්ලැන්සි ප්‍රනාන්දු ගේ මැතිණිය මොනිකා ප්‍රනාන්දු මහත්මියගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්විනි.

26 Nov 2025