IUU Fishing-si
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 03ක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුඩාඉරිප්පු වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 27 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර, මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එන ලද පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය පනහක් (450), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
28 Apr 2026
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 41ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව 2026 අප්‍රේල් මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් එක් දෙනෙකු (41) සමඟ ඩිංගි යාත්‍රා එකොළහක් (11) සහ ට්‍රැක්ටර් රථ දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
18 Apr 2026
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 13 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Apr 2026
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 08 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Apr 2026
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 03ක් මන්නාරම පාලකමුනයි මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පාලකමුනයි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 20 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතරක් (304), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Mar 2026
නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කුඩැල්ලන් 2000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03ක් කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේ 2026 මාර්තු මස 12 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කුඩැල්ලන් දෙදහසක පමණ තොගයක් (2000), සැකකරුවන් තිදෙනෙක් (03) සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Mar 2026
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 මාර්තු මස 11 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Mar 2026
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් මන්නාරම සවුත්බාර් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 04 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය තිස් හතක් (437), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Mar 2026
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 19ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි 16 සිට 28 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් දහනව දෙනෙකු (19) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), කැනොයි යාත්‍රා තුනක් (03) සහ ඔරු හතක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Mar 2026
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 685ක් සමඟ සැකකරුවෙක් කල්පිටිය මොහොත්තුවාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 23 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන කරමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් හයසිය අසූපහක් (685), එක් සැකකරුවෙක් (01) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Feb 2026


