ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 මැයි 26 සිට ජුනි 07 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හැත්තෑහය දෙනෙකු (76) සමඟ ඩිංගි යාත්‍රා විස්සක් (20) නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි.