ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 19 සිට 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් විසිනව දෙනෙකු (29) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) සහ තෙප්පම් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.