ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 01 සිට 15 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් හැත්තෑඅට දෙනෙකු (78) සමඟ ඩිංගි යාත්‍රා තිස්පහක් (35) සහ බහුදින ධීවර යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.