IUU Fishing-si

නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 16 සිට 25 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් ධීවර කටයුතු සිදුකළ, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් තිස්හය දෙනෙකු (36) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ කැනොයි ඔරු දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

29 Sep 2025