Other Contraband-si

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 10 වැනි දින කල්පිටිය ආලංකුඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය විසි දෙකක (622) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 May 2026

බීඩි කොළ කිලෝග්‍රෑම් 2000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් හලාවත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් 2026 අප්‍රේල් මස 28 වැනි දින ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහසකට (2000) අධික තොගයක් රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) හා එම තොගය මෙරටට රැගෙන ඒමට සූදානම්කර තිබූ බවට සැක කෙරෙන, මෙරට ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

01 May 2026

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 550 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කළපුව ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනහකට (550) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Apr 2026

නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 22 වැනි දින කල්පිටිය, තිල්ලයාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Apr 2026

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,300කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, බුද්ධි තොරතුරු මත කල්පිටිය කුඩාව ප්‍රදේශය ආශ්‍රිතව 2026 අප්‍රේල් මස 18 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සියකට (1,300) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

20 Apr 2026

නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907 පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 06 හා 07 යන දෙදින තුල කල්පිටිය, බංගලවත්ත හා සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න තොගයක් සැකකටයුතු ලෙස උරවල අසුරා සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Apr 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පි‍ටිය කිරිමුන්දලම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි 2026 මාර්තු මස 31 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් අනු අටක (98) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

02 Apr 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 31 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙණ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

01 Apr 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 15 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙකකට (1002) අධික තොගයක් (තෙත බර සහිතව) සහ එනසාල් කිලෝ ග්‍රෑම් එකසිය දහසයක (116) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

19 Mar 2026

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273 කට අධික තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑ තුනකට (1273) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Mar 2026