Other Contraband-si

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 91ක් සහ පාවහන් තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය බත්තලන්ගුංඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන ලද, වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් අනූ එකක් (91) (තෙත බර සහිත) සහ පාවහන් යුගල් දෙසීය තිස්අටක (238) තොගයක්, 2025 ජුලි මස 03 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Jul 2025